Wednesday, March 2, 2016

එලවලු බුරියානි


මේ කියන්න හදන්නෙ නිර්මාංශ අය වෙනුවෙන් හදන රස කෑමක් ගැනයි, බුරියානි කන්න ආස වුනත් ,කන්න බැහෙනේ එයාලට,
මෙන්න විසඳුමක්
එලවලු බුරියානියක් හදමු
බලන්න මේ දේවල් ඔයාලට  සොයා ගන්න පුලුවන්
සුදු සූදුරු සම්බා හාල් 1ක්
අඟල් 1/4 කොටු හැඩයට කපා ගත් කැරට් 100ක්
කොටු හැඩයට කපා ගත් බෝංචි 100
කෙසෙල් ගෙඩි 100 ග් ක් කොටු හැඩයට කපා ගන්න 
දම්බල 100ග් හතරට පලා කොටු හැඩයට කපා ගන්න 
ග්‍රීන් පීස් 
රතු ලූනු 50 ක්
අමු මිරිස් කරල් 10 ක් ( මැදින් පලා ගන්න)
තීරු හඩයට කපා ගත් තක්කාලි 100 ක්
 කරපින්ච කොල ටිකක්
කොත්තමල්ලි කොල ටිකක්
බද ගත් සුල්තාන 250ග්ක්
ගරම් මසාල තේ හඳි 2 ක්
කුඩාවට කපා ගත් ලූනු 50 ග්
කුඩාවට කපා ගත් සුදු ලූනු
අඹරාගත් කජු 50
මුදවාපු කිරි කෝප්ප 1/2 ක්
කහ
කරි කුඩු
ගම්මිරිස්කුඩු
බ්ලෙන්ඩර් කර ගත් තක්කාලි 75 ග
කුරුඳු පොතු කැබැල්ලක්
කරාබු නැටි 4-5 ක්
රම්පේ කැබල්ලක්
බටර් මේස හැදි 3 ක්
චොප් කර ගත් ඉගුරු මේස හැදි 2ක්

හදන්න නම් ටිකක් අමාරුයි,එත් උත්සාහ කරලා බලන්නකො 
මුලින්ම ඔයාලට ගරම් මසාල හදා ගන්න වෙනවා
දන් කොහොමද ගරම්මසාල හදා ගන්නෙ?
කරදමුංගු ක්‍රල් 4 ක්,කරාබු නැටි4 ක්,කුරුදු කුඩා කැබලි 2 ක්
වසාවාසි  කුඩා කැබල්ලක්,විතරමයි ඕන
මෙ සියල්ල සෝදා වේලා බැද කුඩු කර ගන්න.
ඉන්පසු කපා ගත් කැරට් ,බොංචි, කෙසෙල්, දඹල, යන එළවලු වර්ග සියල්ල ගැඹුරු තෙලේ බැද තෙල් පෙරා ගන්න.
කරපිංචා හා කොත්තමල්ලි කොල බැද ගන්න.
බඳුනක් ලිප තබා එයට බටර් දමා රත් වන විට ලූනු ,රම්පේ,කරපින්චා ,කුරුඳු බැදෙන්න හැර සුදු ලූනු,කරිකුඩු,ගරම් මසාල  හා කහ කුඩු ත් එකතු කරන්න.
ඒව බදී එන විට මුදවාපු කිරි,ගම්මිරිස් කුඩු,අඹරාගත් කජු සහ බැද ගත් එළවලු ද,දමා තම්බා ගන්න.
හාල් සෝදා බත් වෙනම තම්බා ගන්න.
ඉන් පසු වෙනත් බඳුනක් ගෙන එයට, බත් තට්ටුවක්,ඒ මත එළවලු තට්ටුවක් දමා ඒ මත කහ දිය කර ඉස උඩින් කොත්තමල්ලි කොල ටිකක් දමන්න .
මේ ආකාරයට බත් එලවලු සහ කහ දියර  ඉස  කොත්තමල්ලි කොල දමා නැවතත් බත් තට්ටුවක් දමා අතින් තද කර යන්තම් ගිනි රස්නයට තබන්න.
නැත්නම් මඳ උනුසුම් අවන් 1ක තබන්න.ඉන්පසු එය ඉවතට ගෙන කජු,සුල්තාන් ,කරපින්චා කොල, කොත්තමල්ලි කොල උඩින් දමන්න.
තක්කාලි හා අමු මිරිස්  වටේට අල්ලා හැඩ කර ගන්න.
උත්සවයකදී , මිතුරු හමුවකදී රස බලන්න කදිමයි නේද?

හාල් මස්සන් තෙම්පරාදුවක


අවශ්ය දේවල්
හාල්මස්සන් 50
ලොකු ලූනු 250
කාලිමිරිස් මේස හන්දි 1ක්
අමු මිරිස් කරල් 5 ක්
කුරුන්දු කබල්ලක්
සුදු ලූනු බික් 2 ක්
කරපින්චා ටිකක්
සියම්බලා ඉස්ම ටිකක්
කහ ටිකක්
තෙල්මේස හන්දි 1ක්
ලුනු රස පදමට
හාල් මස්සන් හොන්දින් සොඅදන්න
භාජනයකට හාල් මස්සන් ලුනු කඝ වතුර ටිකක් දමා තම්බන්න
තම්බුනු පසු භාජනයෙන් ඉවතට ගෙන
තෙල් දමා ලොකුවට ලියා ගත් ලූනු,සුදු ලූනු ,කරපින්චා,කුරුන්ද පොතු, අමු මිරිස් ,කාලි මිරිස් දමා තෙම්පාඅදු කර ගන්න, එයට තම්බා ගත් හාල්මස්සන් දමා සියම්බලා ඉස්ම ටිකක් ද එකතු කර ගන්න.

සින්ගප්පූරු ක්‍රමයට කකුලුවන් කරියක් හදමු

අවශ්ය  ‌‍දේවල්

 කකුලුවන් 4 ක්
තක්කාලි සොඅස් කොඅප්ප 1/2ක්
ලුනු රස පදමට
සීනි මේස හඳි3 ක්
වයින් මේස හඳි 1 ක්
කොඅන් පිටි තේ හඳි 1/2 ක්
සුදු ලූනු 50 ග්
ලොකු ලූනු 100 ග්
බිත්තර 2 ක්
මිරිස් කුඩු මේස හඳි 1 1/2 ක්
ස්ටොක් සාරය මේස හඳි 3 ක්
පිරිසිදු පොල්තෙල් බොඅතලයක්
ලූනු කොල ස්වල්පයක්

මුලින්ම කකුලුවන් හොඳින් පිරිසිදු කර හතරට කපා ගන්න.මෙම කකුලුවන් කබලි රත් වූගම්බුරු තෙලේ රන් වන් පාටට බදගන්න
තවත් බාජනයක් ලිප තබා පොල්තෙල් මේස හඳි 4 ක් දමා රත් වෙන්නට හරින්න.රත් වූ තෙලට ලූනු,සුදු ලූනු එකතුකරන්න.
දන් මේ තෙම්පරාදුවට බද ගත් කකෞලුවන් ,තක්කාලිසොඅස්,ලුනු,සීඉ,වයින් සහ දිය කරගත් කොඅන් පිටි එකතු කරන්න.මේ සියල්ල හොඳින් කවලම් කර විනාඩි 2ක් බදෙන්නට හරින්න.
ඉන්පසු ගසා ගත් බිත්තර , මිරිස් කුඩු එක් කර ටික වේලවක් තබා මිශ්‍ර කර ලිපෙන් බා ගන්න.අලන්කාර කර ගනීමට කපගත් ලූනු කොල ටිකක් උඩින් ඉස මේසයට යවන්න.

Sunday, February 14, 2016

හත් මාලුව


මේ කියන්න හදන්නේ නම් ගමේ කෑමක් ගනයි.අපේ ආත්තම්මලා නම් මේ කම රසට හදන්න දන්නවා,
අවශ්ය දේවල්
කජු 50 g
කොස් අට 15ක්
 මෑ කරල්
වම්බටු 50 g
ශුද්ධ කරගත් අර්තාපල් 25 g
වට්ටක්කා දලු ස්වල්පයක්
අලු කෙසෙල් ගෙඩි 2ක්
පොල් ගෙඩියක පමන මිටි කිරි හා දියකිරි
මිරිස් කුඩු තේ හැදි 3 ක්
තුනපහ කුඩු
තලාගත් එනසාල් කරල් 2 ක්
සූදුරු කුඩු ස්වල්පයක්
උලු හාලට 10 ක්
පෙති ගසා ගත් රතු ලූනු ගෙඩි 2 ක්
තලා ගත් සුදුලූනු බික් 3ක්
කරපිංචා,රම්පේ, ස්වල්පයක්
අමු මිරිස් කරල්2ක්
පොල් තෙල් මේස හැදි 5ක්
හරි,අමාරුවෙන් වුනත් හදා ගත්තොත් ගොඩක් රස වගේම ගුණ ආහරයක්
භාජනයක් ගෙන එයට කජු හා වතුර දමා විනාඩි 25 ක් පමණ පෙගෙන්න  තබා පොතු ඉවත් කර ගන්න.කොස් අැට 2 ට කපන්න.
මෑ කරල්,වම්බටු,අර්තාපල්,අලු කෙසෙල්  කුඩාවට කපා පසෙක තබන්න.
වෙනත් භාජනයකට තෙල් දමා රත් වූ පසු පෙති ගසා ගත් රතු ලූනු, සුදු ලූනු, රම්පේ,කරපිංචා,කුඩාවට කප ගත් අමු මිරිස් එකතු කර හොදින් රන්වන් පැහයට බැද ගත් මිරිස් කුඩු,තුන පහ, සූදුරු කුඩු, එනසාල් එකතු කර හොදින් කවලම් කරන්න.
කලින් කපා ගත් කජු ,කොස් අැට , මෑ කරල්,වම්බටු ,අල,අලුකෙසෙල් දමා දියකිරි එකතු කර උලු හාල්, වට්ටක්ක දලු ,මිටිකිරි දමා මද ගින්නේ විනාඩි 10ක් පිස ගන්න.
ම්ම්  හොද සුවදක් එනවා නේද ? දැන් ආඩම්බරයෙන් පවුලේ අය සමග රස බලන්න සරසා මේසයට යවන්න පුලුවන්.



Tuesday, February 9, 2016

වම්බටු මෝජුවක් හදමු

මුලින්ම අපිට ඕන වෙනවා මේ දේවල්

  • වම්බටු 150g
  • රතු ළූණු 50g
  • අමුමිරිස් කරල් 7ක්
  • අඹ චට්නි මේස හැදි 2ක්
  • කුඩාවට කපා ගත් ළූණු 20g
  • කුඩාවට කපා ගත් සුදු ළූණු 10g
  • මිරිස් කුඩු තේ හැදි 2ක්
  • තක්කාලි සෝස් තේ හැදි 4ක්
  • විනාකිරි මේස හැදි 4ක්
  • සීනි තේ හැදි 3ක්
  • ලුණු,ගම්මිරිස් රස පදමට

හදන්නේ මෙහෙමයි
දිගට සිහින්ව කපා ගත් වම්බටු රන්වන් පැහැයට බැද ගන්න.රතු ළූණු ශුද්ධ කර සෝදා පසෙක තබා ගන්න.වෙනත් බදුනක් ගෙන එයට තෙල් ස්වල්පයක් දමා රත ් වූපසු එයට කුඩාවට කපා ගත් ළූණු, සුදු ළූණු දමා රන්වන් පැහැවන තුරැ බැද ගන්න .එයට මිරිස් කුඩු,විනාකිරි  එකතු කරන්න.ඉන් පසු රතු ළූණු අමුමිරිස්බැදගත් වම්බටු දමා නටවා ගන්න.සීිනි,තක්කාලි සෝස්,අඹ චට්නි හා පදමට ලුණු,ගම්මිරිස් දමා කවලම් කර විනාඩි කීපයකට පසු ලිපෙන් බා ගන්න. දැන් හරි.
දවස් කීපයකට පසු  රස බලන්න

කජු වලින් රසම රස වෑන්ජනයක්


කජු කන්න කවුරුත් ආසයි නේද?හරි එහෙනම් තනියම උත්සාහ කරලා බලන්නකෝ.
මේ දේවල් හොයාගන්නකෝ
කජු 200 g
ශුද්ද කරගත් ලපටි තිබ්බටු 50 g  තලන්න එපා
කුඩාවට කපාගත් රතු ලූණු 30 gක්
අමු මිරිස් කරල් 2ක්
රම්පේ,කරපිංචා,කුරුදු පොත්තක් 
2ට පලා ගත්සුදු ලූණු බික් 3ක් 
උළු හාල් තේ හැදි 1/4 ක්
කහ තේ හැදි 1 ක්
කරි කුඩු මේස හැදි 1ක්
උම්බලකඩ කුඩු මේස හැදි  1/2ක්
දියකිරි කෝප්ප 2 1/2ක්
මිටි කිරි කෝප්ප 1/2ක් 

හරි දැන් හදමුකෝ
කජු ,කහ සහ ලුනු දිය කල වතුරේ දමා තරම්ක් තම්බා ගන්න.
දන් වෙනත් භාජනයක් ගෙන එයට කජු දමා ලියාගත් ලූණු,අමු මිරිස්,රම්පේ,කුරුදු පොතු, සුදු ලූනු ,උළු හාල්,කහ,කරි කුඩු, උම්බලකඩ, දියකිරි දමා මද ගින්නෙ තම්බා ගන්න.
කජු ටික තැම්බුනාට පස්සෙ ලපටි තිබ්බටු දමන්න.
ඉන්පසු මිටිකිරි දමා ලිප තබා උතුරවා ගන්න,මතක තියගන්න,කජු අතින් පොඩි කරන්න ගානට තැම්බිලා තියෙන්න ඕනි.
අවුරුදු කෑම මේසයට නම් කදිමයි.