Sunday, February 14, 2016

හත් මාලුව


මේ කියන්න හදන්නේ නම් ගමේ කෑමක් ගනයි.අපේ ආත්තම්මලා නම් මේ කම රසට හදන්න දන්නවා,
අවශ්ය දේවල්
කජු 50 g
කොස් අට 15ක්
 මෑ කරල්
වම්බටු 50 g
ශුද්ධ කරගත් අර්තාපල් 25 g
වට්ටක්කා දලු ස්වල්පයක්
අලු කෙසෙල් ගෙඩි 2ක්
පොල් ගෙඩියක පමන මිටි කිරි හා දියකිරි
මිරිස් කුඩු තේ හැදි 3 ක්
තුනපහ කුඩු
තලාගත් එනසාල් කරල් 2 ක්
සූදුරු කුඩු ස්වල්පයක්
උලු හාලට 10 ක්
පෙති ගසා ගත් රතු ලූනු ගෙඩි 2 ක්
තලා ගත් සුදුලූනු බික් 3ක්
කරපිංචා,රම්පේ, ස්වල්පයක්
අමු මිරිස් කරල්2ක්
පොල් තෙල් මේස හැදි 5ක්
හරි,අමාරුවෙන් වුනත් හදා ගත්තොත් ගොඩක් රස වගේම ගුණ ආහරයක්
භාජනයක් ගෙන එයට කජු හා වතුර දමා විනාඩි 25 ක් පමණ පෙගෙන්න  තබා පොතු ඉවත් කර ගන්න.කොස් අැට 2 ට කපන්න.
මෑ කරල්,වම්බටු,අර්තාපල්,අලු කෙසෙල්  කුඩාවට කපා පසෙක තබන්න.
වෙනත් භාජනයකට තෙල් දමා රත් වූ පසු පෙති ගසා ගත් රතු ලූනු, සුදු ලූනු, රම්පේ,කරපිංචා,කුඩාවට කප ගත් අමු මිරිස් එකතු කර හොදින් රන්වන් පැහයට බැද ගත් මිරිස් කුඩු,තුන පහ, සූදුරු කුඩු, එනසාල් එකතු කර හොදින් කවලම් කරන්න.
කලින් කපා ගත් කජු ,කොස් අැට , මෑ කරල්,වම්බටු ,අල,අලුකෙසෙල් දමා දියකිරි එකතු කර උලු හාල්, වට්ටක්ක දලු ,මිටිකිරි දමා මද ගින්නේ විනාඩි 10ක් පිස ගන්න.
ම්ම්  හොද සුවදක් එනවා නේද ? දැන් ආඩම්බරයෙන් පවුලේ අය සමග රස බලන්න සරසා මේසයට යවන්න පුලුවන්.



Tuesday, February 9, 2016

වම්බටු මෝජුවක් හදමු

මුලින්ම අපිට ඕන වෙනවා මේ දේවල්

  • වම්බටු 150g
  • රතු ළූණු 50g
  • අමුමිරිස් කරල් 7ක්
  • අඹ චට්නි මේස හැදි 2ක්
  • කුඩාවට කපා ගත් ළූණු 20g
  • කුඩාවට කපා ගත් සුදු ළූණු 10g
  • මිරිස් කුඩු තේ හැදි 2ක්
  • තක්කාලි සෝස් තේ හැදි 4ක්
  • විනාකිරි මේස හැදි 4ක්
  • සීනි තේ හැදි 3ක්
  • ලුණු,ගම්මිරිස් රස පදමට

හදන්නේ මෙහෙමයි
දිගට සිහින්ව කපා ගත් වම්බටු රන්වන් පැහැයට බැද ගන්න.රතු ළූණු ශුද්ධ කර සෝදා පසෙක තබා ගන්න.වෙනත් බදුනක් ගෙන එයට තෙල් ස්වල්පයක් දමා රත ් වූපසු එයට කුඩාවට කපා ගත් ළූණු, සුදු ළූණු දමා රන්වන් පැහැවන තුරැ බැද ගන්න .එයට මිරිස් කුඩු,විනාකිරි  එකතු කරන්න.ඉන් පසු රතු ළූණු අමුමිරිස්බැදගත් වම්බටු දමා නටවා ගන්න.සීිනි,තක්කාලි සෝස්,අඹ චට්නි හා පදමට ලුණු,ගම්මිරිස් දමා කවලම් කර විනාඩි කීපයකට පසු ලිපෙන් බා ගන්න. දැන් හරි.
දවස් කීපයකට පසු  රස බලන්න

කජු වලින් රසම රස වෑන්ජනයක්


කජු කන්න කවුරුත් ආසයි නේද?හරි එහෙනම් තනියම උත්සාහ කරලා බලන්නකෝ.
මේ දේවල් හොයාගන්නකෝ
කජු 200 g
ශුද්ද කරගත් ලපටි තිබ්බටු 50 g  තලන්න එපා
කුඩාවට කපාගත් රතු ලූණු 30 gක්
අමු මිරිස් කරල් 2ක්
රම්පේ,කරපිංචා,කුරුදු පොත්තක් 
2ට පලා ගත්සුදු ලූණු බික් 3ක් 
උළු හාල් තේ හැදි 1/4 ක්
කහ තේ හැදි 1 ක්
කරි කුඩු මේස හැදි 1ක්
උම්බලකඩ කුඩු මේස හැදි  1/2ක්
දියකිරි කෝප්ප 2 1/2ක්
මිටි කිරි කෝප්ප 1/2ක් 

හරි දැන් හදමුකෝ
කජු ,කහ සහ ලුනු දිය කල වතුරේ දමා තරම්ක් තම්බා ගන්න.
දන් වෙනත් භාජනයක් ගෙන එයට කජු දමා ලියාගත් ලූණු,අමු මිරිස්,රම්පේ,කුරුදු පොතු, සුදු ලූනු ,උළු හාල්,කහ,කරි කුඩු, උම්බලකඩ, දියකිරි දමා මද ගින්නෙ තම්බා ගන්න.
කජු ටික තැම්බුනාට පස්සෙ ලපටි තිබ්බටු දමන්න.
ඉන්පසු මිටිකිරි දමා ලිප තබා උතුරවා ගන්න,මතක තියගන්න,කජු අතින් පොඩි කරන්න ගානට තැම්බිලා තියෙන්න ඕනි.
අවුරුදු කෑම මේසයට නම් කදිමයි.