Wednesday, March 2, 2016

එලවලු බුරියානි


මේ කියන්න හදන්නෙ නිර්මාංශ අය වෙනුවෙන් හදන රස කෑමක් ගැනයි, බුරියානි කන්න ආස වුනත් ,කන්න බැහෙනේ එයාලට,
මෙන්න විසඳුමක්
එලවලු බුරියානියක් හදමු
බලන්න මේ දේවල් ඔයාලට  සොයා ගන්න පුලුවන්
සුදු සූදුරු සම්බා හාල් 1ක්
අඟල් 1/4 කොටු හැඩයට කපා ගත් කැරට් 100ක්
කොටු හැඩයට කපා ගත් බෝංචි 100
කෙසෙල් ගෙඩි 100 ග් ක් කොටු හැඩයට කපා ගන්න 
දම්බල 100ග් හතරට පලා කොටු හැඩයට කපා ගන්න 
ග්‍රීන් පීස් 
රතු ලූනු 50 ක්
අමු මිරිස් කරල් 10 ක් ( මැදින් පලා ගන්න)
තීරු හඩයට කපා ගත් තක්කාලි 100 ක්
 කරපින්ච කොල ටිකක්
කොත්තමල්ලි කොල ටිකක්
බද ගත් සුල්තාන 250ග්ක්
ගරම් මසාල තේ හඳි 2 ක්
කුඩාවට කපා ගත් ලූනු 50 ග්
කුඩාවට කපා ගත් සුදු ලූනු
අඹරාගත් කජු 50
මුදවාපු කිරි කෝප්ප 1/2 ක්
කහ
කරි කුඩු
ගම්මිරිස්කුඩු
බ්ලෙන්ඩර් කර ගත් තක්කාලි 75 ග
කුරුඳු පොතු කැබැල්ලක්
කරාබු නැටි 4-5 ක්
රම්පේ කැබල්ලක්
බටර් මේස හැදි 3 ක්
චොප් කර ගත් ඉගුරු මේස හැදි 2ක්

හදන්න නම් ටිකක් අමාරුයි,එත් උත්සාහ කරලා බලන්නකො 
මුලින්ම ඔයාලට ගරම් මසාල හදා ගන්න වෙනවා
දන් කොහොමද ගරම්මසාල හදා ගන්නෙ?
කරදමුංගු ක්‍රල් 4 ක්,කරාබු නැටි4 ක්,කුරුදු කුඩා කැබලි 2 ක්
වසාවාසි  කුඩා කැබල්ලක්,විතරමයි ඕන
මෙ සියල්ල සෝදා වේලා බැද කුඩු කර ගන්න.
ඉන්පසු කපා ගත් කැරට් ,බොංචි, කෙසෙල්, දඹල, යන එළවලු වර්ග සියල්ල ගැඹුරු තෙලේ බැද තෙල් පෙරා ගන්න.
කරපිංචා හා කොත්තමල්ලි කොල බැද ගන්න.
බඳුනක් ලිප තබා එයට බටර් දමා රත් වන විට ලූනු ,රම්පේ,කරපින්චා ,කුරුඳු බැදෙන්න හැර සුදු ලූනු,කරිකුඩු,ගරම් මසාල  හා කහ කුඩු ත් එකතු කරන්න.
ඒව බදී එන විට මුදවාපු කිරි,ගම්මිරිස් කුඩු,අඹරාගත් කජු සහ බැද ගත් එළවලු ද,දමා තම්බා ගන්න.
හාල් සෝදා බත් වෙනම තම්බා ගන්න.
ඉන් පසු වෙනත් බඳුනක් ගෙන එයට, බත් තට්ටුවක්,ඒ මත එළවලු තට්ටුවක් දමා ඒ මත කහ දිය කර ඉස උඩින් කොත්තමල්ලි කොල ටිකක් දමන්න .
මේ ආකාරයට බත් එලවලු සහ කහ දියර  ඉස  කොත්තමල්ලි කොල දමා නැවතත් බත් තට්ටුවක් දමා අතින් තද කර යන්තම් ගිනි රස්නයට තබන්න.
නැත්නම් මඳ උනුසුම් අවන් 1ක තබන්න.ඉන්පසු එය ඉවතට ගෙන කජු,සුල්තාන් ,කරපින්චා කොල, කොත්තමල්ලි කොල උඩින් දමන්න.
තක්කාලි හා අමු මිරිස්  වටේට අල්ලා හැඩ කර ගන්න.
උත්සවයකදී , මිතුරු හමුවකදී රස බලන්න කදිමයි නේද?

No comments:

Post a Comment